නොබෝ දිනකින් පුරවැසියන් මිලියන 15.7 ක් සිය ඡන්ද අයිතිය පාවිච්චි කරනු ඇත. ඔවුන් තම බලාපොරොත්තු වෙනුවෙන් පෙනී සිටිමින් තම හඬ ඇසෙන්නට සලස්වනු ඇත.
මෙම මැතිවරණය සාධාරණ හා සමෘද්ධිමත් අනාගතයක් ගොඩ නැගීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම පිණිස ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන අද්විතීය අවස්ථාවකි.
අප මෙම අරමුණ ඉටු කර ගැනීමට නම් මිලියන 6ක් වන ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් එක් අයෙකුවත් අත නොහැරෙන බව සහතික කළ යුතු ය.
ශ්‍රී ලංකාව පවුල් මිලියන ගණනක් අන්ත දරිද්‍රතාවෙන් මුදා ගෙන ඇත. වයස අවුරුදු 5ට අඩු ළමයින්ගේ මරණ අනුපාතිකය විශාල වශයෙන් පහත හෙළා ඇත. පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් සියලු දෙනා ම ප්‍රාථමික පාසල් යන තත්ත්වය මුළුමනින් ම පාහේ ළඟා කර ගෙන ඇත.
එහෙත්, තමන් සතු අතිමහත් හැකියාව මුදා හැරීම සඳහා අපගේ උදව් අවශ්‍ය කරන ළමයි බොහෝ දෙනෙක් තවමත් සිටිති.
සැපවත් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා සහ තමන්ගේ පූර්ණ හැකියාව සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුට ම සමාන අවස්ථා ලැබිය යුතු ය.
ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයාට මිලියන 6ක් වන රටේ දරුවන් වෙනුවෙන් පියවර ගැනීම සඳහා බලය මෙන් ම වගකීම ද තිබෙනු ඇත.
මිලියන 6ක් වන අපගේ දරුවන් පසුබට කරවන ප්‍රධාන ගැටලු 6ට විසඳුම් ලබා දීම සඳහා දැන් කැප වන ලෙස සියලු ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්න.
මෙම පරම්පරාවේ අනාගතය උදෙසා සහ ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා දැන් ක්‍රියා කරන්න.
මිලියන 6ක් වන දරුවන් උදෙසා කැපවීම් 6ක්
මිලියන 6ක් වන ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණ දෙන, ඔවුන් සතු අතිමහත් හැකියාව මුදා හැරීම සඳහා විසඳුම් ලබා දිය යුතු ප්‍රධාන අභියෝග 6ක් පවතී:
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණට පිළියම් පිණිස ප්‍රජා මූලික සත්කාර සඳහා ආයෝජන වැඩිකිරීම සහ උග්‍ර මන්දපෝෂණයට ප්‍රතිකාර කිරීම.
සෑම පාසලක්ම දරුවා කේන්ද්‍ර කරගත් තැනක් බවට තහවුරු කිරීම මගින් සැබැවින්ම දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට මුල් වීම.
විවිධ සමාජ මට්ටම්වල දරුවන්ට විවිධ වරප්‍රසාද ලැබෙනවා වෙනුවට ඒ සියලුම විෂමතා සමනය කරමින්, ළමා දරිද්‍රතාව තුරන් කිරීමට කටයුතු කිරීමත්, සෑම දරුවෙකුගේම ජීවිතයට නිවැරදි ආරම්භයක් ලබාදීම තහවුරු කිරීමත් වැනි වූ විශ්ව සාධාරණ ක්‍රමයක් යටතේ ළමයින් වෙනුවෙන් ප්රතිලාභ ස්ථාපිත කිරීමට උත්සුක වීම.
දරුවන්ට එරෙහිව ශාරීරික බලය යොදාගැනීම හෝ වෙනත් නින්දිත ක්‍රියා මගින් ශාරීරික දඬුවම් පැනවීම නීත්‍යානුකූලව හෝ අවනීතියෙන් සිදුකිරීම පැහැදිලිවම තහනම් කරවීම. දරුවන් හික්මවීමේ ධනාත්මක ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කරමින් සහ ක්‍රියාවට නැංවීම.
ජාති ආගම් බේදයකින් තොර සමාජ සහජීවනය සහ සාමය පිළිබඳ අධ්‍යාපනය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරමින් සැමට සාමකාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම.
දේශගුණික විපර්යාසයන් ගෝලීය තර්ජනයක් ව පවතින වන අද දිනයේ පරිසර සංරක්ෂණයට ප්‍රමුඛතාව ලබාදීම, වනාන්තර, තෙත්බිම් ඇතුළු අනෙකුත් පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සහ දේශගුණික විපර්යාසයන්ට අනුගත වෙමින් සියලු රාජ්‍ය අමාත්‍යාංශයන් මඟින් අනාගත වැඩසටහන් ක්‍රියාවට නැංවීම අනිවාර්යයෙන් සිදු කිරීම සහ විපත් සිදුවිය හැකි බව දැන ආපදා කළමණාකරණ විෂයෙහි ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම
‘ARA WADE, දරුවන් උදෙසා ඡන්දයක්’ වාර්තාව
මිලියන 6ක් වන ශ්‍රී ලංකාවේ ළමා හා යොවුන් පරපුර මුහුණ දෙන ප්‍රධාන අභියෝග 6 පිළිබඳව තව දුරටත් දැන ගන්න.
Ara Wade වෙබ් අඩවියට ඔබගේ නමත් එක් කරන්න: “දරුවන් වෙනුවෙන් ඡන්දයක්” ලිපියට දැන් ම අත්සන් තබන්න!